Thursday, December 15, 2016

විවිධ ජෛව පද්ධතීන්හි භාවිත

බෝග විද්‍යාව ආශ්‍රිත ජෛව පද්ධති

බෝග වගා සදහා විවිධ වගා ක්‍රම වගා රටා භාවිතය.
උදාහරණ‍ :
 සමෝධානිත ගොවිතැන - එකම ක්ෂේත්‍රයක් තුළ බෝග වගාවත් , සත්ත්ව පාලනයත් , බලශක්ති නිෂ්පාදනයත් පවත්වා ගෙන යන ඒකකයකි.
මිශ්‍ර බෝග වගාව - එකම ක්ෂේත්‍රයක් තුළ බෝග වර්ග කීපයක් සමාන අවධානයකින් යුතුව පේළි සැකසීමක් ඇතිව හෝ නැතිව වගා කිරීම.
හේන් ගොවිතැන - එළි කර ගත් වනාන්තරයක අක්‍රමවත්ව තෝරා ගත් බෝග වර්ග කීපයක් මිශ්‍රව වගා කිරීම


බෝග නඩත්තු කටයුතු ආශ්‍රිත විවිධ ජෛව පද්ධති
උදාහරණ‍ :
 ඒකාබද්ධ පළිබෝධ කළමණාකරණය
                        පාංශු පෝෂක කළමණාකරණය
බෝග වගා කටයුතු සදහා විශේෂිත පරිසර තත්ත්ව නිර්මාණය කිරීම
උදාහරණ‍ :
හරිතාගාර,පොලිතීන් ගෘහ,දැල් ගෘහ, ලී ගෘහ
පස හා ජලය සම්බන්ධ වන ජෛව පද්ධති
 උදාහරණ‍ :
පස - පස සංරක්ෂණය(SALT ක්‍රමය, වැටි ක්‍රමය)    , පසෙහි තත්ත්වය වැඩි දියුණු කිරීමේ ක්‍රම
                        ජලය - ජල සම්පාදනය(බිංදු ඉසින) , ජල වහනය(භූගත , භූතල)

බෝග නිෂ්පාදන කටයුතු සදහා අවශ්‍ය කෘෂි යන්ත්‍රෝපකරණ නිපදවීම



ආහාර විද්‍යාව ආශ්‍රිත ජෛව පද්ධති

විශේෂිත ක්‍රම අනුව ආහාර සැකසීමේ ක්‍රියාවලි
උදාහරණ‍ :
ජීවානුහරණය , පැස්ටරීකරණය , පැසීමේ දී ක්ෂුද්‍ර ජීවීන් භාවිතය , අගයන් එකතු කිරීම
පසු අස්වනු සැකසීමේ තාක්ෂණය භාවිතය හා සම්බන්ධ ක්‍රියාවලි
උදාහරණ‍ :
අස්වනු නෙළීම, පිරිසිදු කිරීම , ශ්‍රේණිගත කිරීම
ආහාරමය ද්‍රව්‍ය (ධාන්‍ය , එළවළු , පළතුරු) ගබඩා කිරීම සදහා නිර්මාණය කරන ලද විශේෂිත පරිසර තත්ත්ව
උදාහරණ‍ :
ප්‍රවාහන පද්ධති ආශ්‍රිත ගබඩා , ශීත ගබඩා,  අධිශීත ගබඩා
ආහාරවල ගුණාත්මකභාවය හා සෞඛ්‍යාරක්ෂිතභාවය වැඩි දියුණු කිරීමේ පද්ධති


සත්ත්ව පාලනය ආශ්‍රිත ජෛව පද්ධති

ගොවිපළ පරිසර කෘතීමව පාලනය කිරීමේ ක්‍රම
සත්ත්ව නිවාස , යටිතල පහසුකම් සැලසුම් කර නිර්මාණය කිරීම
සත්ත්ව ආහාර සැකසීමේ ක්‍රියාවලි
උදාහරණ‍ - හේ , සයිලේජ්
සත්ත්ව රෝග පාලනය
කසළ කළමනාකරණය




ධීවර හා ජල ජීවී විද්‍යාව ආශ්‍රිත ජෛව පද්ධති

මත්ස්‍ය වර්ධනය සදහා අවශ්‍ය පරිසර තත්ත්ව නිර්මාණය
සතුන් අභිජනනය කිරීමේ කුම
මත්ස්‍ය අස්වනු වෙළදපොළට ඉදිරිපත් කිරීමට සැකසීමේ ක්‍රම
ධීවර කර්මාන්තයට අදාළ උපකරණ හා යන්ත්‍ර සූත්‍ර සැලසුම් කර නිර්මාණය කිරීම                 


About Author

තාක්ෂණවේදය පන්තිය

Everyone is talented Parents send their children to school to be well educated. They learn many things during their childhood. But not every one of them obtains excellent GCE (O/L) and (A/L) results. Yet some who did not pass their examinations well have flourished in various careers later on. Most of these individuals showcase their talents at vocational training institutes, technical colleges, etc. and For Those kind of students govenment intruduced Technology Stream.