Saturday, November 19, 2016

සිසිලන පද්ධතිය (1 කොටස)

තර්මස්ටැට් වෑල්වය


එන්ජිමක ක්‍රියාකාරී උශ්ණත්වය රැක ගැනුම සදහා උපක්‍රම කීපයක් යොදා ගැනෙන අතර ඉන් ප්‍රධාන තැනක් හිමි වන්නේ තර්මස්ටැට් වෑල්වයටයි. එන්ජිම උනුසුම් වන තෙක් එන්ජින් බ්ලොක් එක තුල ඇති ජලය රේඩියේටරයට මුදා නොහැරීම තුලින් මෙම වෑල්වය එන්ජිම උණුසුම් කරනු ලබයි.


ඉහත සටහනේ තර්මස්ටැට් වෑල්වය එන්ජිමක සවි වන අයුරැ දක්වා ඇති අතර, එන්ජිම සිසිල් වන විට වෑල්වය වම් පස සටහනේ අයුරෙන් සම්පූර්ණයෙන්ම වැසී පවතී. මේ නිසා එන්ජිම පණ ගැන්වූ විගස වතුර පොම්පය ක්‍රියා කලත් ජලය සන්සරණය වීමක් එන්ජිම තුල සිදු නොවේ. මේ නිසා එන්ජිම ඉතා ඉක්මනින් ක්‍රියාකාරී උශ්නත්වයට පත් වී උපරිම බලය පිට කරනු ලබයි. එය ඉන්ධනද පිරිමසිනු ලබයි. මීළඟට ධාවනයේදි එන්ජිමේ ජලය උණුසුම් වී එය සෙ. අංශක 85 කට පමණ රත් වන විට එම තාපයෙන්ම තර්මස්ටැට් වෑල්වය විවෘත වෙයි. එවිට දකුණු පස සටහනේ අයුරෙන් ජලය එන්ජිම තුල සංසරණය වීමට පටන් ගන්නා බැවින් රත්වුණු ජලය රේඩියේටරයට පැමිණ  සිසිල් වෙමින් එන්ජිම වඩාත් උණුසුම්වීමට ඉඩ නොදෙයි. මේ අනුව තර්මස්ටැට් වෑල්වය එන්ජිමක ඇත්නම් එන්ජිම ඉතා ඉක්මනින් රත් වී උපරිම බලය ලබා දෙයි. එලෙසය අවට පරිසරය සිසිල් විට ද තර්මස්ටැට් වෑල්වය මදක් වැසී එන්ජිම ක්‍රියාකාරී උශ්ණත්වයේම තබා ගනී.

About Author

තාක්ෂණවේදය පන්තිය

Everyone is talented Parents send their children to school to be well educated. They learn many things during their childhood. But not every one of them obtains excellent GCE (O/L) and (A/L) results. Yet some who did not pass their examinations well have flourished in various careers later on. Most of these individuals showcase their talents at vocational training institutes, technical colleges, etc. and For Those kind of students govenment intruduced Technology Stream.