Friday, December 16, 2016

ජෛව පද්ධති තාක්ෂණවේදය ආශ්‍රිත අනාගත ප්‍රවණතා

බෝග විද්‍යාව ආශ්‍රිත ජෛව පද්ධතීන්හි අනාගත ප්‍රවණතා




පාංශු සහ ජල සංරක්ෂණ ක්‍රමයන්හි සිදු වන වැඩි දියුණුව
පාංශු සංරක්ෂණ ක්‍රම - පාංශු පරිසර දියුණු කිරීමේ ක්‍රම , පාංශු ගැටළු (ආම්ලිකතාව , ලවණතාව ) විසදීමට නව ක්ෂුද්‍ර ජීවී ප්‍රභේද  හදුන්වා දීම
ජල සංරක්ෂණ ක්‍රම - සූක්ෂම ජල සම්පාදන ක්‍රම , දියුණු ජල වහන පද්ධති පාලනය සදහා පරිගණකගත වැඩසටහන් නිර්මාණය
EM (Effective Micro-organisms) පසට හදුන්වා දීම මගින් වගා බිම්වල කාබනික ද්‍රව්‍ය වියෝජනය වේගවත් කිරීම.
පුනර්ජනනීය බලශක්තිය ( Renewable Energy fuel) ආශ්‍රිත තාක්ෂණයේ ප්‍රගතිය
            උදාහරණ:  ජෛව ඉන්ධන ( Sorgam , Micro algae මගින් ජෛව ඩීසල් නිපදවීම)
වල් පැළ මතු වීමට ප්‍රථම ඒවා පාලනය කළ හැකි ක්‍රම සොයා බැලීම
ජෛව කෘමිනාශක භාවිතය
උදාහරණ : Baccilus thuringiensis වැනි බැක්ටීරියා බීජාණුවල අඩංගු කෘමිනාශක ගුණය සහිත ප්‍රෝටීන නිපදවීමට අවශ්‍ය ජාන ශාක තුළට ඇතුළු වීමට සැලැස්වීම මගින් කෘමි ප්‍රතිරෝධී බෝග ශාක ලබා ගැනීම.

කෘෂිකාර්මික කටයුතු නවීකරණය සදහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ සැලසුම් කිරීම

ආහාර විද්‍යාව ආශ්‍රිත ජෛව පද්ධතීන්හි අනාගත ප්‍රවණතා 

ආහාරවල ගුණාත්මකභාවය සහ සෞඛ්‍යාරක්ෂිතභාවය වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලිය

ආහාර නිෂ්පාදනය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සදහා හැකිතාක් ස්වභාවික ක්‍රම හා ජෛවීය ද්‍රව්‍ය භාවිතය

ආහාර දිගු කාලයක් ආරක්ෂිතව ගබඩා කර තබා ගැනීම සදහා අවශ්‍ය පරිසර තත්ත්ව නිර්මාණය
            උදාහරණ: කිරි සදහා Bulk storage පහසුකම

එළවළු , පළතුරු අස්වැන්න වැඩි සමයේ ඒවා ආරක්ෂා කර ගත හැකි ක්‍රම භාවිතා කිරීම

පසු අස්වනු තාක්ෂණික ක්‍රියාවලීන්ගේ සිදුවන වැඩි දියුණුව

සත්ත්ව පාලනය ආශ්‍රිත ජෛව පද්ධතීන්හි අනාගත ප්‍රවණතා 

සත්ත්ව පාලනයේ වඩාත් සූක්ෂම ක්‍රමවේද සහ ඊට අදාළ තාක්ෂණයේ ප්‍රගතිය
            උදාහරණ :  පශු වෛද්‍ය ක්‍රම
                              RFID (Radio Frequency Identification) ක්‍රමය

අභිජනනය මගින් නව සත්ත්ව වර්ග බිහි කිරීම

සත්ත්ව නිෂ්පාදන කර්මාන්තය සදහා අවශ්‍ය නව යන්ත්‍රෝපකරණ නිර්මාණය කිරීම

සත්ත්ව නිෂ්පාදන සැකසීමේ කර්මාන්යේ සිදු වන වැඩි දියුණුව

ධීවර හා ජල ජීවී විද්‍යාව ආශ්‍රිත ජෛව පද්ධතීන්හි අනාගත ප්‍රවණතා  


ධීවර හා ජල ජීවී කර්මාන්තයේ වැඩි දියුණුව උදෙසා ඒ ආශ්‍රිත පරිසර තත්ත්වයන් ආරක්ෂාත්ත්ව නිර්මාණය කර ගැනීම.

ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතා සපුරිලිය හැකි පරිදි පෝෂණීය අගයන්ගෙන් ඉහළ අවශ්‍ය ගුණාංගයන්ගෙන්
සමන්විත මත්ස්‍ය හා ජලජ සම්පත් නිපදවා ගැනීම.

ධීවර හා ජලජ සම්පත් ආශ්‍රිත නොයෙකුත් කර්මාන්ත හා ඊට අදාළ යන්ත්‍රෝපකරණ හදුන්වා දීම.

පරිසර විද්‍යාව ආශ්‍රිත වෙනත් ක්ෂේත්‍රයන්ගේ නව ප්‍රවණතා

හරිත නිෂ්පාදන හදුන්වා දීම

ජෛව හායනය වන බහුඅවයවික නිෂ්පාදනය

ජෛව ප්‍රතිකර්මණය
            උදාහරණ :අපත ජලය කළමනාකරණය
                             පරිසරයට එකතු වන බැර ලෝහ විෂහරණය නිරීමේ හැකියාව ඇති ක්ෂුද්‍ර ජීවීන් නිපදවීම
     ජලජ පරිසර පද්ධතිවල සුපෝෂණය වළක්වාලීම සදහා ක්ෂුද්‍ර ජීවී විශේෂ සහ විශේෂිත ශාක ප්‍රභේද හදුන්වා දීම.

About Author

තාක්ෂණවේදය පන්තිය

Everyone is talented Parents send their children to school to be well educated. They learn many things during their childhood. But not every one of them obtains excellent GCE (O/L) and (A/L) results. Yet some who did not pass their examinations well have flourished in various careers later on. Most of these individuals showcase their talents at vocational training institutes, technical colleges, etc. and For Those kind of students govenment intruduced Technology Stream.