Friday, November 18, 2016

තිරිංග පද්ධතිය (2 කොටස)

යාන්ත්‍රික තිරිංග




එන්ජිමක කැරකූම් බලය ජනිත කර එය පාලනය කිරිමට එන්ජිම තූල පද්ධති ගණනාවකගේ සහාය අවශ්‍යය. එනම් ඉන්ධන පද්ධතිය,සිසිලන පද්ධතිය,ස්නේහන පද්ධතිය,ඉග්නිෂියන් පද්ධතිය,පණ ගැන්වුම් පද්ධතිය යනාදී පද්ධති ගණනාවක් එක් කෙරේ.


එන්ජිමේ කැරකූම් බලය ලැබුනු පසු එම බලය සම්පේ‍්‍රෂණ පද්ධතියට ලබාදිය යුතූය. සම්පේ‍්‍රෂණ පද්ධතිය යනු, වාහනය ඉදිරියට ධාවනය කිරිමට උපකාරි වන පද්ධතියයි. එයට සම්බන්ධ ඒකක වන්නේ ක්ලචය, ගියර පෙට්ටිය, අවරපෙති කද, ආන්තර කට්ටලය, ඇක්සල් යුගලය හා රෝදය.

ඉහත සදහන් කල පරිදි එන්ජිමේ කැරකූම් බලය සම්පේ‍්‍රෂණය කොට රෝද කරකැවීමෙන් වාහනය ධාවනය කල හැකි වෙයි. ධාවනය වන වාහනය පාලනය කිීරිමට සුක්කානම් පද්ධතියක් අවශ්‍ය මෙන්ම වාහනය නවතා ගැනීමට රෝධක පද්ධතියක් අත්‍යවශ්‍ය වෙයි. සුක්කානම් පද්ධතිය මගින් රථයේ දිශාව වෙනස් කොට හරවා ගැනීමේ පහසුවත් රියදුරු දෑතට පහසු ලෙස පද්ධතිය සකස් කර ගැනීම හා මාර්ග කම්පනයන් පද්ධතිය මගින් උරාගැනීම සේම රෝධක පද්ධතියෙන් වාහනයේ වේගය අඩුකරගැනීම මෙන්ම වාහනය නවතා ගැනීමටද උපකාරවෙයි.

තිරිංග පද්ධතියේ මුලාරම්භය ලෙස සැලනේනේ කරත්තයයි. කරත්තයය කඳු නැගීම, පල්ලම් බැසිමකදී පිටුපසට හෝ ඉදිරියට යෑම වැළැක්වීමට රෝදය ඉදිරියෙන් හෝ පිටුපසින් ලී කැබැල්ලක් තැබීම තිරිංග පද්ධතියක ආරම්භය ලෙස හැඳින්විය හැක. තිරිංග පද්ධතියක මූලික අවදිය ලෙස යාන්ති‍්‍රක තිරිංග ක‍්‍රමය පෙන්වාදිය හැකිය. මෙම යාන්ති‍්‍රක ක‍්‍රමය මුල් අවදියේ සැහැල්ලූ වාහන සදහා යොදවා තිබුනද පසු කාලයේ එනම්, සමහර යතූරු පැදි හා පා පැදි වල යොදවා ඇත. මෙහිදී කේබල්, ලීවර් භාවිතා කරමින් එය නිර්මාණය කොට ඇත. යාන්ති‍්‍රක තිරිංග ක‍්‍රමයේදී රියඳුරු තිරිංග කි‍්‍රයාත්මක කල විට බ්‍රේක් ෂු යුගලය වේගයෙන් කරකැවෙන රෝධක බදෙහි (Brake Drum) එකෙහි ඝර්ෂණය වි රථය නවතී.

මෙලෙස තිරිංග පාදිකය කි‍්‍රයාත්මක කල විට ලීවර් මාර්ගයෙන් පසුපසට තිරිංග කි‍්‍රයාවලිය සම්පේ‍්‍රෂණය කරයි. එලෙසම ඉදිරි තරිංග සඳහා වානේ කේබලයක් මර්ගයෙන් තිරිංග කි‍්‍රයා කරයි. මෙම තිරිංග ක‍්‍රමයේ දී ඒකාකාරී ලෙස තිරිංග සීරුමාරු කිරීම ද වැදගත් වෙයි. නිවැරදිව ඒවා සීරුමාර කලහොත් සාර්ථක තිරිංග කි‍්‍රයාකාරිත්වයක් ලැබේ.

1 comments:

Write comments

About Author

තාක්ෂණවේදය පන්තිය

Everyone is talented Parents send their children to school to be well educated. They learn many things during their childhood. But not every one of them obtains excellent GCE (O/L) and (A/L) results. Yet some who did not pass their examinations well have flourished in various careers later on. Most of these individuals showcase their talents at vocational training institutes, technical colleges, etc. and For Those kind of students govenment intruduced Technology Stream.