Wednesday, December 7, 2016

ජෛව පද්ධති තාක්ෂණවේදය හැදින්වීම

ජෛව පද්ධතියක් යනු......

යම් නිශ්චිත ප්‍රෙද්ශයක යම් කාලයක් තුළ ජීවීන් - ජීවීන් සහ ජීවී - අජෛව පරිසරය අතර අන්තර්ක්‍රියා සිදු වෙමින් පවතින ඒකකයකි.

            ජීවීන් - ශාක , සතුන් , ක්ෂුද්‍ර ජීවීන්

            අජෛව පරිසරය - පස , ජලය , වාතය



 ජෛව පද්ධති තාක්ෂණවේදය යනු?

ජීව විද්‍යාවේ , පරිසර විද්‍යාවේ සහ කෘෂි විද්‍යාවේ ඉංජිනේරු විද්‍යා නිර්මාණකරණය පදනම් කර ගත් ඉංජිනේරු විද්‍යා ක්ෂේත්‍රයකි.

ජෛව පද්ධති තාක්ෂණවේදයේ වැදගත්කම
  • ආහාර සහ පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනීම
  • ජීවීන්ගේ පැවැත්මට හිතකර පාරිසරික තත්ත්ව පවත්වා ගැනීම.
  • බල ශක්ති අර්බුධයට විසදුම් සෙවීම.
  • මිනිසාගේ ජීවන තත්ත්වය උසස් කර ගැනීම සදහා යොදා ගන්නා විවිධ  ජෛව පද්ධතිවල තිරසාර සංවර්ධනය (Sustainable Development) තහවුරු කිරීම.

 ජෛව පද්ධතීන්හි විකාශය......

ජෛව පද්ධතීන්හි විකාශය සිදු වී ඇති ක්ෂේත්‍ර

  • බෝග විද්‍යාව
  • ආහාර විද්‍යාව
  • සත්ත්ව පාලනය
  • ධීවර හා ජල ජීවී විද්‍යාව

 බෝග විද්‍යාව ආශ්‍රිත ජෛව පද්ධතීන්හි විකාශය

සාම්ප්‍රදායික ක්‍රම
විකාශය සිදු වී ඇති ආකාරය
ගැමි ලී නගුල,තනි ගව නගුල ආදී උපකරණ මගින් ගවයින් යොදා ගනිමින් සී සෑම සිදු කිරීම.
යාන්ත්‍රික බලයෙන් ක්‍රියා කරන උපකරණ නිපදවා ගනිමින් ගොවිපළ යාන්ත්‍රීකරණය සිදු කර ගැනීම.
ශාක ප්‍රචාරණය සදහා අතු බැදීම,බද්ධ කිරීම වැකි ක්‍රම භාවිතය
පටක රෝපණය, ක්ලෝණීකරණය වැනි ක්‍රම
සාමාන්‍ය ක්ෂේත්‍රවල පමණක් බෝග වගා කිරීම
දැල් ගෘහ, ලී ගෘහ, පොලිතීන් ගෘහ, හරිතාගාර තුළ වගා කටයුතු සිදු කිරීම
පළිබෝධ පාලනයට දිය හොල්මන, අළු ඉසීම , පහන් දැල්වීම වැනි ක්‍රම යොදා ගැනීම
රසායනික , ජෛව විද්‍යාත්මක, ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රම භාවිතය
අස්වනු නෙළීම සදහා මිනිස් ශ්‍රමය භාවිත විය
කොළ මඩින යන්ත්‍ර, ඒකාබද්ධඅස්වනු නෙළීමේ යන්ත්‍ර (Combine Harvesters) යොදා ගැනීම


ආහාර විද්‍යාව ආශ්‍රිත ජෛව පද්ධතීන්හි විකාශය

සාම්ප්‍රදායික ක්‍රම
විකාශය සිදු වී ඇති ආකාරය
ස්වභාවික පරිසර පද්ධතියෙන් සොයා ගත් ආහාර, වගා බිම්වල වගා කළ ආහාර පවතින විලසින්ම ආහාරයට ගැනීම
විධිමත් ආකාරයට සකස් කළ ආහාර පරි‍භෝජනය
ආහාර කල් තබා ගැනීම සදහා ලුණු යෙදීම, දුම් ගැසීම, පැණිවල ගිල්වීම, වියළීම වැනි ක්‍රම භාවිතය
ශීතනය,අධි ශීතනය, ටින් කිරීම මගින් කල් තබා ගැනීම
කිරි, මස්, බිත්තර මූලික ආකාරයෙන්ම ආහාරයට ගැනීම
සොසේජස්, මීට් බෝල්ස් ලෙස විවිධාංගීකරණය නළ ආහාර නිපදවීම

මීට අමතරව වර්තමානයේ දී ආහාර ඉල්ලුම සපුරාලීම සදහාත් ආහාරයේ පෝෂණීය ගුණය වැඩි කිරීම සදහාත් අගයන් එකතු කළ ආහාර නිපදවීම සිදු කරයි.


සත්ත්ව පාලනය ආශ්‍රිත ජෛව පද්ධතීන්හි විකාශය

සාම්ප්‍රදායික ක්‍රම
විකාශය සිදු වී ඇති ආකාරය
නිදැලි ක්‍රමයට සතුන් ඇති කිරීම
නවීන තාක්ෂණය සහිත ගොවිපළ නිවාස තුළ සත්ත්ව පාලනය සිදු කිරීම
තෘණ වැනි දළ ආහාර පමණක් ලබා දීම
හේ, සයිලේජ් වැනි පෝෂණ ගුණය වැඩි ආහාර ලබා දීම
සත්ත්ව පාලන කටයුතු සදහා මිනිස් ශ්‍රමය භාවිත විය
ශ්‍රම සූක්ෂම ක්‍රම වෙනුවට යාන්ත්‍රීකරණය ආරම්භ වීම
අඩු නිෂ්පාදනයක් සහිත දේශීය ගව වර්ග භාවිතා කිරීම
අභිජනනය මගින් වැඩි නිෂ්පාදනයක් ලබා දෙන නව ප්‍රෙභ්ද බිහි වීම
සත්ත්ව නිෂ්පාදන කල් තබා ගැනීම සදහා ලුණු යෙදීම, දුම් ගැසීම, පැණිවල ගිල්වීම, වියළීම වැනි ක්‍රම භාවිතය
සත්ත්ව ආහාර සකස් කිරීමේ මහා බපරිමාණ කර්මාන්තශාලා ආරම්භ වීම.





ධීවර හා ජල ජීවී විද්‍යාව ආශ්‍රිත ජෛව පද්ධතීන්හි විකාශය

සාම්ප්‍රදායික ක්‍රම
විකාශය සිදු වී ඇති ආකාරය
ස්වභාවික ජලජ පද්ධතිවල මත්ස්‍ය අස්වනු නෙළීම
මත්ස්‍ය වගාව ආරම්භ වීම.
වල්ලම්, තෙප්පම්, ඔරු, පාරු වැනි පාරම්පරික යාත්‍රා උපයෝගී කර ගැනීම
නවීන පහසුකම්වලින් සමන්විත බහුදින යාත්‍රා (ටොන් 3-5 යාත්‍රා) යොදා ගැනීම
මත්ස්‍ය අස්වනු කල් තබා ගැනීම සදහා ලුණු යෙදීම, දුම් ගැසීම, වියළීම වැනි ක්‍රම භාවිතය
ශීතනය,අධි ශීතනය, රික්තන ඇසුරුම්, ටින් කිරීම මගින් කල් තබා ගැනීම

මත්ස්‍ය අස්වනු නෙළීමේ කටයුතුවල දී සැටලයිට් නැවිගේටර් ( මුහුදේ තමන් සිටින ස්ථානය සොයා ගැනීම), ප්‍රතිධ්වනිමානය (මුහුදු පත්ල දක්වා ගැුර මැන ගැනීම) , සෝනාර් යන්ත්‍රය ( මසුන් සිටින ස්ථානය දැන ගැනීම) වැනි නවීන තාක්ෂණයන් යොදා ගැනේ.

About Author

තාක්ෂණවේදය පන්තිය

Everyone is talented Parents send their children to school to be well educated. They learn many things during their childhood. But not every one of them obtains excellent GCE (O/L) and (A/L) results. Yet some who did not pass their examinations well have flourished in various careers later on. Most of these individuals showcase their talents at vocational training institutes, technical colleges, etc. and For Those kind of students govenment intruduced Technology Stream.