Monday, December 5, 2016

ජෛව පද්ධති තාක්ෂණවේදය ආදර්ශ ප්‍රශ්න පත්‍ර 1

ජෛව පද්ධති තාක්ෂණවේදය


















(01)

(A) බෝග වගාවට සුදුසු පසක් තෝරා ගැනීමේ දී පසක සත්‍ය ඝණත්වය සොයා ගැනීමට අවශ්‍ය වේ.

1.       සත්‍ය ඝණත්වය යන්න අර්ථ දක්වන්න.
………………………………………………………………………………………………
2.       සාමාන්‍ය පසක සත්‍ය ඝණත්වයේ අගය සදහන් කරන්න.
………………………………………………………………………………………………
3.       විද්‍යාගාරයේ දී සත්‍ය ඝණත්වය සෙවීම සදහා භාවිතා කරනු ලබන උපකරණය නම් කරන්න.
………………………………………………………………………………………………
4.       එහි දී ලබා ගත යුතු පාඨාංක මොනවාද යන්න සංකේත ඇසුරින් දක්වන්න.
………………………………………………………………………………………………
5.       ඉහත ලබා ගත් පාඨාංක ඇසුරින් සත්‍ය ඝණත්වය සෙවීම සදහා සමීකරණයක් ගොඩනගන්න.
………………………………………………………………………………………………
(B)        1. ආහාරයක ජල සක්‍රීයතා අගය අඩු කිරීම සදහා ගත හැකි පිළියම් දෙකක් සදහන් කරන්න.
                     ……………………………………………………………………………………………
 2. එළවළු සහ පළතුරුවල කහට පිපීම සදහා හේතු වන එන්සයිමය කුමකු ද?
     ………………………………………………………………………………………………
3. එළවළු සහ පළතුරුවල කහට පිපීම වැළැක්වීම සදහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග දෙකක් දක්වන්න.
    …………………………………………………………………………………………………
4. ඔක්සිහාරක මුඩු වීම වැළැක්වීම සදහා ගත හැකි හැකි ක්‍රියාමාර්ග දෙකක් දක්වන්න.
   ……………………………………………………………………………………………



 (02)
(A) පානීය ජලය සැපයීමේ දී ජලයේ ගුණාත්මකභාවය පිළිබදව වඩාත් සැලකිලිමත් විය යුතුය.

            1. එහි දී ලබා ගනු ලබන භෞතික හා රසායනික පරාමිතීන් 2 බැගින් නම් කරන්න.
                ……………………………………………………………………………………………
            2. කෝලිෆෝමි පරීක්ෂාවේ පියවර සදහන් කරන්න.
                   ………………………………………………………………………………………
               
            3. ජලයේ ආවිලතාවය මැනීම සදහා භාවිතා කළ හැකි උපකරණයක් නම් කරන්න.
                    …………………………………………………………………………………………



 (03)
(A) පෘථිවි පෘෂ්ඨය මත, පෘථිවි පෘෂ්ඨය යට හෝ පෘථිවි පෘෂ්ඨය තුළ පිහිටි ලක්ෂ්‍යවල සාපේක්ෂ පිහිටීම සෙවීම බිම් මැනීම ලෙස හැදින්වේ.

            1. භූමිතික බිම් මැනීම හා සමතලා බිම් මැනීම අතර ප්‍රධාන වෙනස කුමක් ද?
               …………………………………………………………………………………………………
            2. ඉඩමේ බාධක තිබේ නම් ඒවා මග හරිමින් මැනීම සිදු කළ හැකි තල මේස මිනිත ක්‍රමය කුමක් ද?
                   ………………………………………………………………………………………………
            3.50m දිග මිනුම් පටියක් ඇදී යාම නිසා එහි දිග 5cm කින් වැඩා වී ඇත.මෙම මිනුම් පටිය භාවිතයෙන්
            250 m දුරක් සළකුණු කර ගත යුතුය. මිනුම් පටියෙන් මැන ගත යුතු දුර සොයන්න.
                    ……………………………………………………………………………………………
4. දම්වැල් මැනීමේ ක්‍රමයේ දී අනුලම්භ (Offsets) මැනීම සදහා යොදා ගත හැකි උපකරණ දෙකක් සදහන් කරන්න.
                  …………………………………………………………………………………………

(B) වැඩි අස්වැන්නක් ලබාගැනීම අරමුණු කොට ගෙන ශාක දෙමුහුම්කරණය සිදු කරයි.
            1. ශාක දෙමුහුම්කරණය අර්ථ දක්වන්න.
                   ……………………………………………………………………………………………

2. පහත අවස්ථාවනිවල දී එළවළු බීජවල පැවතිය යුතු ජල ප්‍රතිශතයන් සදහන් කරන්න.
            අස්වැන්නු නෙලන විට - …………………………………………………………….
            වියළා ගබඩා කරන විට - ……………………………………………………………
3. බීජ ප්‍රතිකාර ක්‍රම 3ක් සදහන්  කරන්න.
 …………………………………………………………………………………………………


 (04)

(A) ජලයේ ගුණාත්මකභාවය බීමය ගන්නා ජලයේ මෙන්ම ජල සම්පාදනය සදහා භාවිතා කරන ජලයේ ද ඉතා වැදගත් සාධකයකි.

            1. බිංදු ජල සම්පාදනයේ දී පෙරහනක් භාවිතා කිරීමේ වැදගත්කමක්  සදහන් කරන්න.
               …………………………………………………………………………………………………
2. පෙරහනක් භාවිතා කළද බිංදු ජල සම්පාදන පද්ධතියේ විමෝචක සිර වී ඇති බව ගොවි මහතෙකු නිරීක්ෂණය කළේය. මෙම තත්ත්වය සදහා හේතු විය හැකි කරුණු දෙකක් සදහන් කරන්න.
…………………………………………………………………………………………………
3. බිංදු ජල සම්පාදන පද්ධතියක පාර්ශවික නළ සදහා භාවිතා කළ හැකි වඩිත් සුදුසු නළ වර්ගය කුමකු ද?
…………………………………………………………………………………………………
4. මෙම ගොවියා බිංදු ජල සම්පාදන පද්ධතිය වෙනුවට විසිරි ජල සම්පාදන පද්ධතියක් ස්ථාපනය කිරීමට තීරණය කරයි. විසිරි ජල සම්පාදන පද්ධතියක අවාසි දෙකක් සදහන් කරන්න.
…………………………………………………………………………………………………


(B) බෝග වගාවට මෙන්ම දෛනික ජීවිතයේ එදිනෙදා කටයුතු සම්බන්ධයෙන්ද කාළගුණික දත්ත බොහෝ ප්‍රයෝජනවත්ය.

1. කාළගුණික මධ්‍යස්ථනයක් යන්න අර්ථ දක්වන්න.
                ………………………………………………………………………………………………………
2. කාළගුණික මධ්‍යස්ථනයක් පිහිටුවීමට සුදුසු ස්ථනයක් තෝරා ගැනීමේ දී සැලකිය යුතු කරුණු 3ක් දක්වන්න.
………………………………………………………………………………………………

3. පහත වගුව සම්පූර්ණ කරන්න.

කාළගුණික පරාමිතිය
මිනුම් උපකරණය
ඒකකය
වර්ෂාපතනය


සුළගේ වේගය


සාපේක්ෂ ආර්ද්‍රතාවය


ආලෝක තීව්‍රතාවය


ආලෝකය පවතින කාල සීමාව




4. දවසට දෙවරක් පාඨාංක ලබා ගනු ලබන කාළගුණික සාධක 2ක් නම් කරන්න.
……………………………………………………………………………………………
5.       විෂ්කම්භය 14cm ක් වූ වර්ෂාමානයක් තුළ වැස්සක දී එකතු වූ ජල ප්‍රමාණය 154cm3 ක් නම් වර්ෂාපතනය ගණනය කරන්න.
…………………………………………………………………………………………………


About Author

තාක්ෂණවේදය පන්තිය

Everyone is talented Parents send their children to school to be well educated. They learn many things during their childhood. But not every one of them obtains excellent GCE (O/L) and (A/L) results. Yet some who did not pass their examinations well have flourished in various careers later on. Most of these individuals showcase their talents at vocational training institutes, technical colleges, etc. and For Those kind of students govenment intruduced Technology Stream.