Monday, November 21, 2016

ඉලෙක්ට්‍රොනික විද්‍යාව (1කොටස)

සංගෘහිත පරිපථ (Intergrated circuit )




ඉලෙක්ට්‍රොනික පරිපථයක් ගොඩනැගීමේදී අත්‍යවශ්‍යයෙන්ම උවමනා වන තවත් එක් උපාංගයක් තමයි මේ සංගෘහිත පරිපථයක් (Integrated Circuit) හෙවත් අයි.සී එකක් ලෙස කෙටි යෙදුමෙන් හදුන්වන්නේ.සැබවින්ම පරිපථයක් තුළ තිබෙන තවත් එක් කුඩා පරිපථයක් ලෙස මෙම උපාංගය සම්බන්ධයෙන් සරලව විස්තර කළ හැකියි. මීට කලින් විස්තර කළ රෙසිස්ටර්, කැපෑසිටර්, ට්‍රාන්සිස්ටර් සහ ඩයෝඩ වැනි උපාංගයන්ගෙන් සැදුම්ලත් යම් නිශ්චිත ක්‍රියාවක් වෙනුවෙන්ම නිපදවුන පරිපථ විශේෂයකුයි සංගෘහිත පරිපථ ලෙස හැදින්වෙන්නේ.
වචනාර්ථයෙන්ම සංගෘහිත පරිපථයක් යනු තවත් එක් පරිපථයක්ම යන වගට පහත රූප සටහන කදිම නිදසුනක්. නමුත් භාවිතයේ පවතින සෑම අයි.සී. එකකම අභ්‍යන්තරය මෙසේ දැක බලා ගත නොහැකි වුවත් බල වර්ධක කාණ්ඩයේ සමහර සංගෘහිත පරිපථයන්හි ඇති ප්ලාස්ටික් වැස්ම ඉවත් කළ හැකි ආකාරයට ඉහත පරිදි නිපදවා තිබෙනවා. ඇනලොග් (Analog) සහ ඩිගිටල් (Digital) වශයෙන් සංගෘහිත පරිපථයන් දෙවර්ගයක් වන අතරම මෙම ලක්ෂණ දෙකම සම්ම්ශ්‍රණ වූ සංගෘහිත පරිපථයන්ද (Mixed Signal) දැකිය හැකියි.ඔබ මෙම බ්ලොග් සටහන කියවන පරිඝනකය තුළ මෙම තෙවර්ගයේම සංගෘහිත පරිපථයන් අන්තර්ගත වනවා. පරිඝණකයේ බල සැපයුමෙහි ඇනලොග් අයි.සී. ද මව් පුවරුව තුළ ඩිගිටල් අයි.සී ද Sound Card එක තුළ ඇනලොග් සහ ඩිගිටල් සම්ම්ශ්‍රණයෙන් යුත් සංගෘහිත පරිපථයන්ද දැකිය හැකි වනවා.
අප භාවිතා කරන බොහොමයක් ඉලෙක්ට්‍රොනික් උපාංග තුළ අඩංගුවනුයේ ඇනලොග් වර්ගයේ අයි.සී. වන නමුත් වර්ථමානයේ වෙළදපළට පැමිනෙන නවීන උපාංග තුළ ඩිගිටල් වර්ගයේ සංගෘහිත පරිපථයන් දැකිය හැකියි. අතිතයේදි අප භාවිතා කළ ස්ටීරියෝ කැසට් රෙකෝඩරයේ ඩිගිටල් අයි.සී නොතිබුණ මුත් වර්ථමානයේදී පැමිණෙන වෝක්මන් තුළ පවා ඩිගිටල් අයි.සී. අන්තර් ගත වනවා.. ප්‍රධාන කොටම සංඤා හෝ ධාරා පාලකයක් ලෙස ඇනලොග් අයි.සී යොදා ගැනුනද තාර්කික ද්වාරයන් (Logic Gates) ආධාරයෙන් ඉතා සංකීර්ණ ක්‍රියාදාමයන් සරල කර ගැනීමට ඩිගිටල් අයි.සී. යොදා ගත හැකියි.

About Author

තාක්ෂණවේදය පන්තිය

Everyone is talented Parents send their children to school to be well educated. They learn many things during their childhood. But not every one of them obtains excellent GCE (O/L) and (A/L) results. Yet some who did not pass their examinations well have flourished in various careers later on. Most of these individuals showcase their talents at vocational training institutes, technical colleges, etc. and For Those kind of students govenment intruduced Technology Stream.