හයිඩ්‍රෝලික් තිරිංග
හයිඩ්‍රෝලික් ක‍්‍රමය මිකැනිකල් ක‍්‍රමයට වඩා සුළු වෙනසක් තිබේ. එනම් (Hydraulic brake fluid) නමැති තෙල් වර්ගයක් යෙදීමෙන් බ්‍රේක් ඩ‍්‍රම්හි පිහිටි සිලින්ඩරය තූළ රබර් වොෂර් සහිත පිස්ටන් දෙකද එහි දෙකෙළවරට බ්රේක් ෂූ දෙක හා රිටර්න් ස්පි‍්‍රන් එකක් ද වේ. මෙසේ පිළියෙල වූ වීල් සිලින්ඩර් වලට තෙල්
ගමන් කිරීම සඳහා රබර් හෝස් සහිත පයිප්ප/ නල/ මාස්ටර් සිලින්ඩරයේ සිට සෑම රෝදයකටම යොදා ඇත.
රථයේ බ්රේක් පැඩලය පෑගූ විට මාස්ටර් සිලින්ඩරයේ පිස්ටනය සහිත රබර් වොෂර් රිටර්න් ස්පි‍්‍රන් එකෙන් තෙල් තද වීමේදී / පම්ප් වීමේදී / එහි තුළ වූ අවුට්ලට් වෑල්ව් වයෙන් පිට කරනු ලබන තෙල් නල වලින් රෝද හතරේ වීල් සිලින්ඩර් වලට ගලා යෑමෙන් එහි තුළ තිබෙන පිස්ටන් තෙරපනු ලැබේ. එවිට බ්රේක් ෂූ පළල් වීමෙන් නිදහස්ව තිබූ ඩ‍්‍රම් සහිත රෝද නතරවන හෙයින් ඊට බ්රේක් ඇල්ලීම යැයි ව්‍යවහාර කරනු ලැබේ. රථයක් සෙමින් කි‍්‍රයා කරවීමේදී එහි බ්රේක් ස්ථිරදැයි පරික්‍ෂා කළ යුතුයි. යම් හෙයකින්සිලින්ඩර් වල සුළං තිබීමෙන් හෝ තෙල් ලීක් වීම් ආදියක් තිබේනම් එහි බ්රේක් ස්ථිර නැති බව දැනගත යුතු අතර, එය යථාත්වයට පත්කල යුතුය. එමෙන්ම සෑම මාසයකටම වරක් බ්රේක් හෝස්, ජොයින්ට් සහ වීල් සිලින්ඩර් වලට තෙල් නියම අන්දමට ලැබේදැයි පරික්‍ෂාෙකර බැලිය යුතුය.